කතරක තනි වී ඔබ යන අයුරු

katharaka thani wee

Lyrics

කතරක තනි වී ඔබ යන අයුරු පෙනි පෙනී හිම සිළ මුදුනත සිටියද මහද ගිනි ගනී ගිම්හානය පැමිණි එක් තැනම නොම රැඳේ පැමිණෙන දුක් පැණි රස බව නොසිතුණිද ළඳේ සඳ නොදන්න නමුදු සඳට එලිය හිරුගෙනී ඔබ නොදන්න නමුදු ඔබට සෙවණ මම දෙමි සෙනෙහස හද තුල උතුරා ගලනු දැනි දැනී තව විමසන සිරිතට නිහඬවම හිනැහෙමි විසල් තුරු නුදුන් පල නැත නොපිපුණ කැකුළු දසන් දෙතිස කුමටද නැති විට මුව මුකුළු ගඟක් ලෙස ගලා විත් නැමි නැමී දඟ වැදී මගේ දෙපා සිපගනු මැන සිහිල සිතට දී

Song Details

Sinhala Title
කතරක තනි වී ඔබ යන අයුරු
English Title
katharaka thani wee
මප

Artist

මර්වින් පෙරේරා

View all songs →