Lyrics
කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඈගේ
පිරිපුන් මිනිසුන් වැඩුනේ බලයෙනි ඈගේ
ඒ කළ ගුණ නොදන්න හිස් මිනිසුන් වාගේ
එපා එපා මස් කන්නට කිරි අම්මාගේ
අහිංසක තිරිසන් ගවයාටත් පණයි තියෙන්නේ
එවන් සතෙකු අහෝ අකාලයේ කිමද මරන්නේ
ටිකක් හිතල බලනු ඌ පිරිසිදු තණකොල කන්නේ
නමුත් මිනිසත් බව ලැබු ඔබ ඇයි මළකුණු කන්නේ
කෙනෙක් තිස්පස් වසරක් කෑවොත් ගවමස් උයලා
බලනු තුන්සිය හැටපහ වැඩිකර තිස්පහ යොදලා
ගණන දොලොස් දහස් හත්සිය හැත්තෑ පහක් වෙලා
ඔබට තේරුනාද ඔබ කල පව් දුර දිග නොබලා
මුදල් තන්හාවෙන් සමහරු ගවයා විකුණන්නේ
අහිංසක සතකුගෙ ඉරණම ඉන්පසු විසදෙන්නේ
යලිත් ඒ මුදලින් මස් ගෙනැවිත් රසකර කන්නේ
තමන් විකුණූ ගවයගෙ මස් බව ඔහු නෑ දන්නේ
ගිතෙල් මී කිරි එළකිරි පස්ගෝ රස සපයන්නේ
ඉවතලන පොහොරින් මහ එළවළු කොටු සරුවන්නේ
මෙවන් සතෙකුගෙ මස් නොකන අයට සෙත සැලසෙන්නේ
එවන් පිරිසිදු හදවත් තුල දෙවියන් වැඩ ඉන්නේ
Song Details
- Sinhala Title
- කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඈගේ
- English Title
- kiri dunne daruwantai
- Artist
- නිහාල් නෙල්සන්
නන
Artist
නිහාල් නෙල්සන්
View all songs →