Lyrics
සාගරය බදු වේදනාවෝ
සුන් වෙලා යනවෝ .....
ජීවිතය ගෙන වන්දනාවක
යන්න අපි යනවෝ ......//
පෙරුම් පුරනා බෝ සතුන්ටත්
මාර සෙන් සිටියෝ .....
ඉතින් එහෙනම් අපට නැති වේද
රුදුරු බදාවෝ ....
පැමිණි දුක් කද පැණි රසක් බව
බෝ සතුන් සිතුවෝ ....
ඉතින් එහෙනම් අපිත් ඉවසමු
දුක්ක ගංගාවෝ .......
සාගරය බදු...
එදා කදුලැල් මෙදා හසරැල්
පැතුම් ඉටුවෙනවෝ ....
පැතුම් හොදනම් යනෙන ගමනේදී
සිහින එලිවෙන්නෝ ...
මිනිස් ලොවකට ලබන්නට බැරි
ජයක් කොතැනකදෝ ....
මිනිස් කම් මත දිවි ගෙවයි නම්
ඔවුන් ජය ලැබුවෝ ......
සාගරය බදු...
Song Details
- Sinhala Title
- සාගරය බදු වේදනාවෝ
- English Title
- sagaraya badu
- Artist
- සේනානායක වෙරලියද්ද
සව
Artist
සේනානායක වෙරලියද්ද
View all songs →