දේදුන්නෙන් එන සමනලුනේ

dedunnen ena samanalune

Lyrics

දේදුන්නෙන් එන සමනලුනේ ගම් මැද්දේ පොඩි කුරුල්ලනේ රෑන් රෑන් ඇවිදිල්ලා අපේ ළඟින් ඉඳහල්ලා දේදුන්නෙන් එන සමනලුනේ දවසක් දා බෝ මළුවේ තනි වූ දාකදි අපි දෙන්නා පහනක් දල්වා එකම හිතින් පැතූ පැතුම් තෙපි නෑ දන්නේ භවෙන් බවේ පෙර ආවාසේ භවෙන් බවේ මතු සංසාරේ නිවන් දක්නා ජාති දක්වා එකට බැඳී ඉන්නයි පැතුවේ දේදුන්නෙන් එන..... ආදරයේ සුවඳ ලෙනෙ තනි වී උන්නා අප දෙන්නා කාන්සියක් හෙම නෑ දැනුනේ පෙති දිලුනා වන මල් අරණේ ඔබ පය පාමුල සතුටු ගඟේ තාමත් ආදර රැළි පෙරළේ කියව් කුරුල්ලනි මලින් මලට හෙට අපේ අහිංසක කතන්දරේ දේදුන්නෙන් එන.....

Song Details

Sinhala Title
දේදුන්නෙන් එන සමනලුනේ
English Title
dedunnen ena samanalune
සන

Artist

සනත් නන්දසිරි

View all songs →