Lyrics
එක යායේ කකා වැටී
එකා වගේ එකට ඉදී
එක පවුලේ උපන් ලෙසේ කල ආරක්ෂා
නාස් ලනුව දමනවාලු
කරත්තයක බදිනවාලු
අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා
ගෙට ආ කල ටිකිරි ලියා
නුඹ වේවිලු කබරගොයා
ලිදට ගියත් අවසරයක් ගන්නට වේවී
දල ගලවා අතේ තියා
නුඹ නටවයි ඒ ළමයා
පනවාලා දරුණ දණ්ඩ බන්ධන නීති
වලට වැටුනු එකා යකා
වලටම ඇද ගනු මිසකා
වලෙන් උඩ ට එන්නට අත දෙන්නට කැමති
නෑදෑ හිතවතෙක් නැති
ඒ ගැන හිතුවොත් යෙහෙකි
කසාදෙ නම් කසාය හරි තිත්ත බෙහෙතකි
Song Details
- Sinhala Title
- එක යායේ කකා වැටී
- English Title
- eka yaye kaka
- Artist
- එඩ්වඩ් ජයකොඩි
එජ
Artist
එඩ්වඩ් ජයකොඩි
View all songs →