සමරු පොතේ පිටු ගැලවී සුළඟෙ දුවනවා

samaru pothe

Lyrics

සමරු පොතේ පිටු ගැලවී සුළඟෙ දුවනවා සොඳුරු සිහින හදේ මැවී ඔබ සිහිවෙනවා ඔබ සිහිවෙනවා සිහින මැවෙනවා සිහින මැවෙනවා ඔබ සිහිවෙනවා ගඟට ගොසින් දිය නාගෙන එනව පේනවා වෙළට ගොහින් පළා නෙලා එනව පේනවා මලට ගොහින් මල් අරගෙන එනව පේනවා එනව පේනවා මැණිකා එනව පේනවා මා දැක්කම වැට අයිනට එනව පේනවා මා එක්කල හිනාවෙනව වාගෙ පේනවා මූණුස්සල අමනාපෙන් යනව පේනවා යනව පේනවා මැණිකා යනව පේනවා සාරි ඔසරි ඇඳගත්තම හැඩට පේනවා මාල වළලු දැම්මම තව රුවට පේනවා වට පිට කොපමණ හිටියත් කාට පේනවා හැඩට පේනවා මටනම් රුවට පේනවා රුවට පේනවා මටනම් හැඩට පේනවා

Song Details

Sinhala Title
සමරු පොතේ පිටු ගැලවී සුළඟෙ දුවනවා
English Title
samaru pothe
එඑ

Artist

එම්. එස්. ප්‍රනාන්දු

View all songs →