කරුණා සුවද තවරා ලු හද පියුමේ

karuna suwada thawaralu

Lyrics

කරුණා සුවද තවරා ලු හද පියුමේ ම‍වගේ සෙනෙහසයි උල්පත සැනසීමේ දුවලා ඇවිදින් පෙර ලෙස මා එක පිම්මේ අම්මා කියන්නේ කාටද අද අම්මේ කාටද මම අම්මේ... ලේ කිරි ‍කරලා මට පොවලා මා හැදු වැඩු අම්මේ පුංචි කාලේ දන ගාගෙන යනකොට නැගිටින්නට අත දුන් අම්මේ හොදින් නරක දේ වෙන් කරලා ‍ඔවදන් දුන් අම්මේ... මතු සංසාරේ දී ඔබේම පුතු ලෙස උපදින්නට පතනෙමි අම්මේ කරුණා සුවද ..... බඩගින් වීලා හැඩු විටදි මට බත් කැවු අම්මේ පාසල් යවලා උගන්වලා මට මහ ලොකු මිනිසෙකු කළ අම්මේ ආදරයෙන් මට අඩ ගහලා පුතා කියු අම්මේ... ඔබ මතු බුදු වී දහම් දෙසන විට මමත් නිවන් දකිනෙම් අම්මේ කරුණා සුවද .....

Song Details

Sinhala Title
කරුණා සුවද තවරා ලු හද පියුමේ
English Title
karuna suwada thawaralu
නන

Artist

නිහාල් නෙල්සන්

View all songs →

කරුණා සුවද තවරා ලු හද පියුමේ (karuna suwada thawaralu) | Tediya Lyrics