පහලොස්වක සඳ පායනු වැන්නේ

pahaloswaka sanda

Lyrics

පහලොස්වක සඳ පායනු වැන්නේ සොඳුරු කිඳුරු රුව ආල වඩන්නේ සිතුම් පැතුම් ඉටු වේවිද මන්දා පූරුවේ කල පිං අපට කොයින්දා සැතපෙන නින්දෙදි රෑ තුන්යම හීන හතක් පෙනුනා සඳ කිඳුරෙකු ලෙසිනා එම සඳ ඔබේ රුව නෙත ඇඳුනා සියුමැලි වත දකිනා මා නෙත ආල මතින් බැඳුනා මියුරු තෙපුල් නගනා සවනත බිඟු ගී රැල් නැගුනා කියා ගන්න බැරුවා සිතු දේ තොල් අතරේ රැඳුනා මනාපදෝ මන්දා මා සිත ආදර මල් පිපුණා තුන්ඉරි ගෙලට ළඳේ රිදියෙන් මලා පොටක් දෙන්නා එරබදු මල් මාසේ නැකතට කැන්දාගෙන යන්නා

Song Details

Sinhala Title
පහලොස්වක සඳ පායනු වැන්නේ
English Title
pahaloswaka sanda
Wඅ

Artist

W.D. අමරදේව

View all songs →