ඔරුවක පාවෙන රෑ ඝණ අඳුරේ

oruwaka pawena

Lyrics

ඔරුවක පාවෙන රෑ ඝණ අඳුරේ තොටියෙකි මා මේ සිතල වතුරේ ඔරුවක පාවෙන රෑ ඝණ අඳුරේ පායා එන්න සඳේ මට දී ආලෝකේ පාළු වෙලා මගේ ලෝකේ ඇයි පාළු වෙලා මගේ ලෝකේ තෝරා දෙන්න වහා නැගෙනා මේ සෝකේ පාළු වෙලා මගේ ලෝකේ ඇයි පාළු වෙලා මගේ ලෝකේ ඇගෙ තනිය මකා දී ඇගෙ ඇසුර ලබා දී සනසන්න හිතේ දුක පහ කරලා මාගේ වෙහෙස නිවා සතපා හිනැහෙන්නේ කවුද කියා නැත දන්නේ කොයි කවුද කියා නැත දන්නේ ජීවේ අඩුව මකා පුරවා සනහන්නේ කවුද කියා නැත දන්නේ කොයි කවුද කියා නැත දන්නේ බත රසට උයාලා කොළ පතට බෙදාලා ගෙන එන්න කෙනෙක් දෙනු මැන සොයලා

Song Details

Sinhala Title
ඔරුවක පාවෙන රෑ ඝණ අඳුරේ
English Title
oruwaka pawena
මම

Artist

මිල්ටන් මල්ලවාරච්චි

View all songs →

ඔරුවක පාවෙන රෑ ඝණ අඳුරේ (oruwaka pawena) | Tediya Lyrics