Lyrics
පියඹලා යන්න ආකහේ
හැඟුමක තටු සැලුණා
නොම කියා උන්නු ආදරේ
පපුවට බර දැනුනා....
තුරුළු වෙන්නද මොහොතක උමතු වෙලා
සුසුමක උණුසුම දැනෙන තුරා
කඳුළැලි ළය මත ගලන තුරා
සියොළඟ ඔබ ළඟ නිවෙන තුරා.......
තරු පාට දේවී නීල අහස පුරා
මල් රේණු පාවි පාවි සුවඳ සලා
දෙනෙතට දෑස යාවෙලා
හසරැලි සේද වෑහිලා
ඔබ හාදු දේවී මේ කොපුල පුරා
ගොළු වෙලා ඉන්නවා ඔහේ
පපුවට තුරුළු වෙලා
හිත පුරා තියෙන ආදරේ
ඔබටම දැනෙන තුරා...
තුරුළු වෙන්නද මොහොතක උමතු වෙලා
සුසුමක උණුසුම දැනෙන තුරා
කඳුළැලි ළය මත ගලන තුරා
සියොළඟ ඔබ ළඟ නිවෙන තුරා....
කඳු යායේ ගෑවි ගෑවි සිනිදු වලා
කොඳුරාවි ආදරේට කියන කතා
පවසන කෝල ඒ කතා
අකුරට පේළි තෝරලා
ගලපා කියන්නේ මේ හැඟුම ලිහා...
ගොළු වෙලා ඉන්නවා ඔහේ
පපුවට තුරුළු වෙලා
හිත පුරා තියෙන ආදරේ
ඔබටම දැනෙන තුරා....
තුරුළු වෙන්නද මොහොතක උමතු වෙලා
සුසුමක උණුසුම දැනෙන තුරා
කඳුළැලි ළය මත ගලන තුරා
සියොළඟ ඔබ ළඟ නිවෙන තුරා ....
Song Details
- Sinhala Title
- පියඹලා යන්න ආකහේ
- English Title
- piyabala yanna akahe
- Artist
- කාවින්ද්‍යා අධිකාරී
කඅ
Artist
කාවින්ද්‍යා අධිකාරී
View all songs →