Lyrics
පෙරදාක සුසුමක් හිත රැදී...
සෙනෙහසින් පිදුවා මිහිරැතී...
සංසාර ගමනේ දුර ඇතී...
ගැඹුරුයිද ආදරේ මේ හැටී...//
හුරු පුරුදු ජීවිතේ තව - ඉගිලෙන්න හිතෙනවා නම්
හෙවනැල්ල වී දිවියේ - තුරුලේ රැදී...
කුළුදුල්ම හීනයක් සේ - මහමෙර වගේ උස නම්
තව දන්නෙ නැ නුඹත් - මගෙ ආදරේ තරම්...
පෙරදාක සුසුමක්....
තනිකඩ හිතේ නැවතිලා - පෙම් ඇරඹුමේ වැහි අරන්
නොමැකෙන්නසේ සෙනෙහේ - සිතුවම් ඇදී
දුර යනෙන ජීවිතේ දිගු - හිමිකම නුඹේ ලඟ නම්
හිත පිරුණු ආදරේ - උහුලන්න බැරි තරම්....
පෙරදාක සුසුමක්...
Song Details
- Sinhala Title
- පෙරදාක සුසුමක් හිත රැදී
- English Title
- peradaka susumak hitha
- Artist
- තීක්ෂණ අනුරාධ
තඅ
Artist
තීක්ෂණ අනුරාධ
View all songs →