සැතපෙන කළ විඳ නිදි සුවේ

sethapena kala wida

Lyrics

සැතපෙන කළ විඳ නිදි සුවේ දුටු සුභ සිහිනය යළි මැවේ // සියොළඟ යහනතෙ ඉම තියා මගෙ හිත ටික ටික දුර ගියා // සැතපෙන කළ විඳ නිදි සුවේ ඇසිපිය හෙල හෙල අත වනා // මදහස මතුකොට හිනැහුණා // තරුණෙකි කුමරෙකි නිරිඳෙකි නැත නැත එය රන් තරුවෙකි සැතපෙන කළ විඳ නිදි සුවේ දුටු සුභ සිහිනය යළි මැවේ උකුලත සුව පිට හිත තියා // නැලවුණි මධු රස ගී කියා // තරුණෙකි කුමරෙකි නිරිඳෙකි නැත නැත ඒ රන් ගිරවෙකි සිඹ සිඹ මගෙ වත සැනසුනා සුර ලොව සුර සුව වැටහුණා තරුණෙකි කුමරෙකි නිරිඳෙකි නැත නැත ඒ පිපි කුසුමෙකි සැතපෙන කළ විඳ නිදි සුවේ දුටු සුභ සිහිනය යළි මැවේ ගායනය - සුජාතා අත්තනායක සංගිතය - එම්.කේ. රොක්සාමි ගී පද - කරුණාරත්න අබේසේකර

Song Details

Sinhala Title
සැතපෙන කළ විඳ නිදි සුවේ
English Title
sethapena kala wida
සඅ

Artist

සුජාතා අත්තනායක

View all songs →