මාගෙ මතකේ ඔබේ රුව ඇඳේ

mage mathake obe

Lyrics

මාගෙ මතකේ ඔබේ රුව ඇඳේ සුහද මා ජීවිතේ ඔබ සතුයි ඔබේ සුවඳ මනමත් කරයි ඔබ මා හදේ සැරිසරයි ඈත එපිටින් ඔබේ ඇසෙන පෙම් ගීතයයි සීත සඳපානෙ කිරි සයුර කලතා සොයයි මහද කවුළු දොරින් එන්න සුහදේ ඔයා ජීවිතේ ආදරෙන් ඉන්න මට ළංවෙලා මාගෙ මතකේ ඔබේ රුව ඇඳේ සුහද මා ජීවිතේ ඔබ සතුයි ඔබේ සුවඳ මනමත් කරයි ඔබ මා හදේ සැරිසරයි සීත සුළඟක් හමා පැතුව පැතුමන් ගෙනා ඈත භවයේ පටන් පැතුම ලෙස ළං කලා ඕලු මානෙල් පිපී සුවඳ පිණි හා වෙළී සොඳුර ඔය මුහුණ මීදුම් සේලෙන් වැසී මාගෙ මතකේ ඔබේ රුව ඇඳේ සුහද මා ජීවිතේ ඔබ සතුයි ඔබේ සුවඳ මනමත් කරයි ඔබ මා හදේ සැරිසරයි

Song Details

Sinhala Title
මාගෙ මතකේ ඔබේ රුව ඇඳේ
English Title
mage mathake obe
එජ

Artist

එච්.ආර්. ජෝතිපාල

View all songs →

මාගෙ මතකේ ඔබේ රුව ඇඳේ (mage mathake obe) | Tediya Lyrics