ලස්සන නම් නෑ පෙනෙන්නේ

lassana nam ne penenne

Lyrics

ලස්සන නම් නෑ පෙනෙන්නේ ඉස්සර සුවඳයි දැනෙන්නේ // එදා සොඳුරු පිය දසුන් මෙදා සිහිනයකි කසුන් මතක් වුණත් අමිල සතුටකි ලස්සන නම් නෑ පෙනෙන්නේ.. උකුල් තලා සලා ආ නාරිලතාවෝ අමල් සිනා නැගූ රන් චාරුලතාවෝ // වැයූ වගේ හවුල් වී ගැයූ රඟේ කොවුල් ගී ඒ යොවුන් ළඳුන් කොහේදෝ ලස්සන නම් නෑ..... සවන් පුරා පිරීලා වස්දඬු රාවේ සුසුම් හෙලයි සිතාරේ නෙත් යුග නෑවේ // සිතූ සිතුම් සිඳීලා පැතූ පැතුම් බිඳීලා ජීවිතේ ගමන් විලාසේ .... ලස්සන නම් නෑ.....

Song Details

Sinhala Title
ලස්සන නම් නෑ පෙනෙන්නේ
English Title
lassana nam ne penenne
සන

Artist

සනත් නන්දසිරි

View all songs →