සිංහල සිංදු කියන

sinhala sindu kiyana

Lyrics

සිංහල සිංදු කියන නළලේ තිලක තියන කිරිල්ලී තුඩින් හදවතක් අරගෙන ගිණිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී දිව නුහුරු බසින් පෙම් කවි කී කුරුල්ලාට වශීවී ගිනි මලින් තැනූ මල් පොකුරක් අතට ගත්ත මනාලී මධුසමේ මධුර කටු අතරේ පිපී වැනුන සුරූපී ගිනි අවිත් එක්ක පෙමින් බැදුනු විහඟ සෙනග අඩාවී ඒ කදුළු සිංහලට නගන්න නුඹට හැකිය ප්‍රියාවී ආදරය නුඹට බාරයි රැකගනින් දේවතාවී

Song Details

Sinhala Title
සිංහල සිංදු කියන
English Title
sinhala sindu kiyana
ගක

Artist

ගුණදාස කපුගේ

View all songs →

සිංහල සිංදු කියන (sinhala sindu kiyana) | Tediya Lyrics