සල්ලි දීල ගවුම මැහුවෙ

salli deela gauma

Lyrics

සල්ලි දීල ගවුම මැහුවෙ ඇඳගෙන යන්න අල්ලි දෙකක් වත් දුර බැහැ අඩිය තියන්න ඇඟට හිරට මහල කොටට ඇඳල බලන්න අඳින්න මිනි ගවුම අඳින්න ලීලී මාගෙ නෝන එයා මෙහෙම කියන්නෙ දැන් රටේ තොටේ කවුරුත් මිනි ගවුම් අඳින්නෙ මම කොහොමද සාරි ඇඳන් මහ මග යන්නෙ මටත් ගවුමක් ඔනෙ ඔව් මිනි ගවුමක් ඕනෙ මිනි ගවුමක් මොටද දැන්ම ඔයා සොයන්නෙ ඇයිද ලිලී මගෙ පපුවට ගින්දර දෙන්නෙ මිනි ගවුම් අඳින්නේ මැරුණට පසුනෙ දෙවියනේ මෙහෙම කිවුව ගමන් නෝනා මගෙ ඇඟට ගොඩවුනේ අපේ නෝනගෙ වැඩ පුදුමයි මට දැන් සිහිවෙනවා මැරුණෙ නැතුවම නෝන මිනි ගවුම් සොයනව බෑ කියන්නටත් ලෝබයි අඬ අඬ ඉල්ලනවා මිනි පෙට්ටි කඩෙන් මිනි ගවුමක් මෙ මං ඉල්ලුවා මිනි ගවුමක් සමග මිනි පෙට්ටියකුත් දුන්නා කාර් එකකුත් ලැබුණා ඒකෙම මමත් ගොඩ උනා ගේ ළඟටම එන්නා වට පිට සෙනග පිරෙන්නා එය දුටු මගෙ නෝනා මරහඬ දීගෙන පැන්නා මොකද දෙවියනේ ඔයාට වෙලා තියෙන්නේ මිනි පෙට්ටි මොටද ඇයි අද අපෙ කවුරුද මැරුණෙ එය ඇසුණු මගේ ඇඟේ මාලු ග‍ඟේ නටන්නෙ අපේ නෝනට මම මේ විදියට උත්තර දුන්නෙ මිනිගවුමක් දෙන්නෙ මිනි පෙට්ටියක් ගත්තම ගත්ත නිසයි ලිලී මම ගෙනාව දෙකම මිනි ගවුම කිව්වෙ කොට්ට උරය වගෙ කොට ගවුම නෝන කිව්ව එහෙම මට තේරුණ කරපු ගොන්කම

Song Details

Sinhala Title
සල්ලි දීල ගවුම මැහුවෙ
English Title
salli deela gauma
ඇජ

Artist

ඇන්ටන් ජෝන්ස්

View all songs →