Lyrics
පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ
රන්කෙදි සේම රන්වන් ඉරිගු සිඹිනවාද
තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර හිද
රන්කද තාම පැල් රකිනවාදෝ නිදි නැතිව
නිල් තරු රෑන ඉඟි බිඟි පාන අහස යට
පිල්කඩ උඩම ඇලවී ඉන්න හිතයි මට
මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට
මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට
රන් කඳ සේම පින්සර මාගේ ඇතු නිදන
රන් මල් යාන හීනෙන් දකින පින පමණ
තුන්පත් රෑන වේදෝ කොහොම අප දෙදෙන
රන් කැටි පුතුට ඉඩ මදි වාද මගෙ යහන
Song Details
- Sinhala Title
- පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ
- English Title
- punsanda reta awidin
- Artist
- නිරෝෂා විරාජිනී
නව
Artist
නිරෝෂා විරාජිනී
View all songs →