මොණරුන්ට මිහිරි සිංදු කියන

monarunta sindu kiyana

Lyrics

මොණරුන්ට මිහිරි සිංදු කියන කුරුල්ලෙකුට බහදී ඈ යන්න ගියා සිදාදියට සඳ කිඳුරුව මගදී මං තාමත් තනිව ජාතකේ හිත හදාගන්න බැරිම නාටකේ ගං ගොඩෙන් ආව විස ඊතල වලට එදා ලය දී ඈ ළඟට වෙලා මං හිටියා ආදරයට පණ දී ඈ යන්න ගියා මගදී වාවන්න බැරිම තැනදී නිල් මොණරු ඇවිත් පිල් විදහා කරලිය අබියසදී සඳකිඳුරු නැටුම වෙනස් කළා මගෙ සෙනෙහස පැරදී ඈ යන්න ගියා මගදී වාවන්න බැරිම තැනදී

Song Details

Sinhala Title
මොණරුන්ට මිහිරි සිංදු කියන
English Title
monarunta sindu kiyana
එජ

Artist

එඩ්වඩ් ජයකොඩි

View all songs →

මොණරුන්ට මිහිරි සිංදු කියන (monarunta sindu kiyana) | Tediya Lyrics