Lyrics
ආදරයේ උල්පත වූ අම්මා, මා ඔබගේ පුතු වූ
ඔබ මතු බුදුවන දවසේ, මා රාහුල කුමරුන් සේ
සෙවන පතා අද මෙන් පැමිණෙන්නෙමි
සුළැගිල්ලේ එල්ලී
සඳ දිය කොට කිරිවතුරෙන්, ඒ දියරෙන් මුව දෝවා
දිව මතුරක්වන් නැලැවිලි ගීයෙන්, මතකයි මා නැලැවූවා
ජීවිතයෙන් ජීවිතයක් ගෙන දී, ඒ ජීවිතයට කිරි දී පණ දී
මා දැඩි කල අම්මා
තුරුලට ගෙන අත් පා හැඩ ගස්වා, නිදි ගන්වා යහන් ගැබේ
සිහිනෙන් ගෑ සුවඳක් මෙන්, සිහිවෙයි ඒ කිරි සුවඳ ඔබේ
දවසින් දවසට සෙනෙහස ලබැදී, ගෙන දී දිවියට නව පන ලැබදී
මා දැඩි කල අම්මා
Song Details
- Sinhala Title
- ආදරයේ උල්පත වූ අම්මා, මා ඔබගේ පුතු වූ
- English Title
- adaraye ulpath wu amma
- Artist
- වික්ටර් රත්නායක
වර
Artist
වික්ටර් රත්නායක
View all songs →