Lyrics
පුන් පෝදා සඳ ඔබ ගෙන ආවොත්..
මල් වට්ටියකට අරගන්නම්..
ඔබ හැමදාමත් ඉල්ලන තරු මල්..
එයට නෙලා පිළිගන්වන්නම්...//
දේදුන්නක් ඔබ මට ගෙන ආවොත්
විසිතුරු සළුවක් පියවී එයි..
පරසතු උයනේ සක්මන් කරනට
ඉන් සැරසී ඔබ හා එන්නම්..
පුන් පෝදා සඳ...
බිඟුතුඩු නොවැදුනු පියුම ගෙනාවොත්
මානස විල මත පිපුනු සැනින්..
නැවුම් පෙමට පෙම වෙහෙසෙනු පෙම්වත
යලි උපදිමි ඒ පියුමින් මං..
පුන් පෝදා සඳ...
Song Details
- Sinhala Title
- පුන් පෝදා සඳ ඔබ ගෙන ආවොත්
- English Title
- pun po da sanda
- Artist
- මාලනී බුලත්සිංහල
මබ
Artist
මාලනී බුලත්සිංහල
View all songs →