Lyrics
ඔබ තරම් පෙම් කල කිසිවෙක්
නැති තරම් මේ ලෝකයෙ කොහෙවත්
ඔබට මං ආදරෙ බව මෙතරම්
වැටහුණේ ඔබ වෙන් වී ගිය දා
ඔය නෙතු හැඬවූ තරම්
ඔබ පෙම් කෙරූ තරම්
අදහන්නත් බෑ
කොහෙ තිබුණාදෝ
මේ තරම් ආදරේ...
මේ තරම් ආදරේ...
රැය පුරා ඉකි ගසා රතට හැරී දෙනුවන් හොරා
මල් සිනා මැවෙනවා ගිලන් වී හද පාරලා
ආයෙත් ඔබ මට හිමි වේ නම්
ආත්මයෙන් ඔබ අදහන්නම්
තවකෙකු හට හිත දී ඇත්නම්
සුබ පතලා ඈතට... වෙන්නම්...
තනි වෙලා මා ලොවේ හිරු නොනගින මේ වසන්තේ
දිවි පුරා විඳවමී අහිමි කරන් මගෙ ආදරේ
ආයෙත් ඔබ මට හිමි වේ නම්
ආත්මයෙන් ඔබ අදහන්නම්
තවකෙකු හට හිත දී ඇත්නම්
සුබ පතලා ඈතට... වෙන්නම්...
ඔබ තරම් පෙම් කල කිසිවෙක්
නැති තරම් මේ ලෝකයෙ කොහෙවත්
ඔබට මං ආදරෙ බව මෙතරම්
වැටහුණේ ඔබ වෙන් වී ගිය දා
ඔය නෙතු හැඬවූ තරම්
ඔබ පෙම් කෙරූ තරම්
අදහන්නත් බෑ
කොහෙ තිබුණාදෝ
මේ තරම් ආදරේ...
මේ තරම් ආදරේ...
Song Details
- Sinhala Title
- ඔබ තරම් පෙම් කල කිසිවෙක්
- English Title
- oba tharam pem kala
- Artist
- තීක්ෂණ අනුරාධ
තඅ
Artist
තීක්ෂණ අනුරාධ
View all songs →