ඔබෙ රාගී මන කැළඹේදෝ

obe raagi mana

Lyrics

බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ඔබෙ රාගී මන කැළඹේදෝ - ද්වේශේ මෝහේ නෑවේ දෝ ඔබෙ රාගී මන කැළඹේදෝ - පිවිතුරු හදවත පෑරේ දෝ එම විට පවසනු මුවින් ඔබේ - බුද්ධං සරණං ගච්ඡාමි... මෛත්‍රී කරුණා දූෂිත වී - ක්‍රෝධය ඊර්ෂ්‍යා පෝෂිත වී හිංසා පීඩා දේවිදෝ - මිනිසා තිරිසන් වේවිදෝ ඝෝර විසැති නයි පොළොගුන් වන් - මිනිසුන් මිතුරු වෙසින් ඒ නම් එම විට පවසනු මුවින් ඔබේ - බුද්ධං සරණං ගච්ඡාමි... දුක් බරිනි මිරිකී යාදෝ - සත්‍ය ලෝකේ වැනසී යාදෝ නිර්මල පිවිතුරු චරිතෙ ඔබේ - පවිටෙන් බොරුවෙන් කෙලෙසා දෝ අගති අයුක්ති මාරුතයේ - ප්‍රාණෙ ඔබේ දෙදරා යාදෝ එම විට පවසනු මුවින් ඔබේ - බුද්ධං සරණං ගච්ඡාමි... නිර්දය භාවය ලෝ රජ වී - දයා ගුණේ වී අන්තර්ධාන මෝහෙන් මත් වීලා මිනිසා - ආගම හා ධර්මේ කෙළෙසා සත්‍ය බලේ බිඳ වළලාදෝ - ශ්‍රද්ධා භක්තිය දෙදරාදෝ එම විට පවසනු මුවින් ඔබේ - බුද්ධං සරණං ගච්ඡාමි... පේ‍්‍රමය ලෝකේ යාද නැසී - වෛර ගිනි ඇවිලේ ද දැඩි මාතා ස්නේහේ පා එද්දී - තම පුතු අසිපත පාවිදෝ ධරණිතල කම්පා වේදෝ - ගනෝදර ගුගුරා යාදෝ එම විට පවසනු මුවින් ඔබේ - බුද්ධං සරණං ගච්ඡාමි... ලෝක පියා සින්දේ ලොව ජනගේ ව්‍යාකූල සිත් හී අන්ධකාරේ විසිරී සෞම්‍ය කිරණ ලෝනාගේ - ඒකාලෝකේ විය ලෝකේ අමා ශාන්තියේ සෙවණැල්ලේ - ජන මන නැහැවූ පේ‍්‍රම ජලේ මර සටනින් අපරාජිත වූ - සුර නර පුද ලැබ පූජිත ඒ ලෝක සිවංකර මා හිමිගේ- ධර්මේ දස දෙස පැතිරේවා හැම දන තුඩ තුඩ රැව්දේවා - බුද්ධං සරණං ගච්ඡාමි... පද රචනය - කරුණාරත්න අබේසේකර සංගීතය - අනිල් බිස්වාස් ගායනය - මොහිදීන් බෙග්, ලතා වල්පොල ඇතුළු පිරිස චිත්‍රපටය - අංගුලිමාල

Song Details

Sinhala Title
ඔබෙ රාගී මන කැළඹේදෝ
English Title
obe raagi mana
මබ

Artist

මොහිදින් බෙග්

View all songs →