රජ මැදුරක ඉපදී සිටියානම්

raja meduraka

Lyrics

රජ මැදුරක ඉපදී සිටියානම් නුඹත් රජෙකි පුතුනේ.. හිරිකඩ බාගෙන පොල් අතු ඉගිලෙයි අද නුඹෙ සිරියහනේ... හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ... පුංචි පැටික්කන් මඟ දිග හඩවන සිල්ලර රසකැවිලි.. දුව යන ඉගිලෙන විසිතුරු සෙල්ලම් යානා පෙනී පෙනී.. අහක බලාගෙන මග දිග යන විට නෑ මට වාවන්නේ.. හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ... රජ මැදුරක...// ඉද හිට මොලවන ලිපත් දනී පුත කැද රස සුනු සහලේ.. දිව බොදුනක් සේ දිව ගා ඇල්මෙන් අකුරට දිව යන්නේ.. ඇදලා කල් ගිය රෙදි වැරලි නෑ මට වාවන්නේ.. හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ... රජ මැදුරක...//

Song Details

Sinhala Title
රජ මැදුරක ඉපදී සිටියානම්
English Title
raja meduraka
මබ

Artist

මාලනී බුලත්සිංහල

View all songs →

රජ මැදුරක ඉපදී සිටියානම් (raja meduraka) | Tediya Lyrics