සැන්දෑ අහස වගේ

sande ahasa wage

Lyrics

සැන්දෑ අහස වගේ සැරසී මට ඉන්න කියා කියන්න ඇයි ඔබ නාවේ මා රිදවන්නද සිතුවේ..// හිස ගවසන්න සිතා - සමන් පිච්ච පොකුරු කඩා අහසට විසිකෙරුවා මං... රෑකල අහස බලන ඔබට පෙනෙයි‍.. හිතන් එපා තරුයි කියා ඔබ රැවටේවී.. සැන්දෑ අහස වගේ..// කණ පලදින්න ගෙනා - තෝඩු දෙකින් එකක් කඩා අහසට විසිකෙරුවා මං... රෑ කල අහස බලන ඔබට පෙනේවී... හිතන් එපා අඩ සඳ යැයි ඔබ රැවටේවී... සැන්දෑ අහස වගේ..//

Song Details

Sinhala Title
සැන්දෑ අහස වගේ
English Title
sande ahasa wage
මබ

Artist

මාලනී බුලත්සිංහල

View all songs →

සැන්දෑ අහස වගේ (sande ahasa wage) | Tediya Lyrics