සඳ හාදු දිදී වළාකුලට

sanda hadu didi walakulata

Lyrics

සඳ හාදු දිදී වළාකුලට සේද යහනතේ නිල් තාරකා කුමාරියන්ගෙ ප්‍රේම විජිතයේ නුඹ තාම නිදිද නුඹ තාම නිදිද කඩුපුල් මල් දේවතාවියේ මල් මාලතී ලතා මඩුල්ල නෙතු පියා හිඳී මුදු මල් ගැබේ යහන් තුරුල්ල භෘංගයින්ට දී කට කොනින්වත් හිනා නොවීම දේවතා නිදී විල් තලේ රිදී රැල් නැගේවි රංගනේ යෙදී මුදු මන්දහාස දී පිපේවි සොඳුරු කෞමදී මට තනියි මගේ හිත පාළුයි නුඹ තවම නිදී

Song Details

Sinhala Title
සඳ හාදු දිදී වළාකුලට
English Title
sanda hadu didi walakulata
චල

Artist

චන්දන ලියනාරච්චි

View all songs →

සඳ හාදු දිදී වළාකුලට (sanda hadu didi walakulata) | Tediya Lyrics