දෛවයේ සරදමින් වෙන්වෙලා අපි අපෙන්

daiwaye saradamin

Lyrics

දෛවයේ සරදමින් - වෙන්වෙලා අපි අපෙන්.. බොහෝ කල් ගත වුනත් - ලං වෙන්න බෑ යලිත්.. හුරු පුරුදු තනිකමින් - හිත පෙඟිලා සත්තකින්.. වැරැද්දක් වුනා නම් - සමාවෙනව ද මගෙන්.. සමාවෙනව ද මගෙන්... හමුවන්න බැරි ලෙසම දුරකට වුනත් කවුරුත්ම පෙම් කෙරුවෙ නෑ ඔය තරම්..// දැන උන්නා නම් - විදවන තරම්.. සමුගන්නෙ නෑ - මගෙ රත්තරන්.. මියැදෙන්න පෙර ආයේ මුණ ගැහුනොතින් හිනැහෙන්න පෙර වාගේ යන්තම් හොරෙන්..// දැන උන්නා නම් - විදවන තරම්.. සමුගන්නෙ නෑ - මගෙ රත්තරන්.. දෛවයේ සරදමින් - වෙන්වෙලා අපි අපෙන්.. බොහෝ කල් ගත වුනත් - ලං වෙන්න බෑ යලිත්.. හුරු පුරුදු තනිකමින් - හිත පෙඟිලා සත්තකින්.. වැරැද්දක් වුනා නම් - සමාවෙනව ද මගෙන්.. සමාවෙන්න ද මගෙන්...

Song Details

Sinhala Title
දෛවයේ සරදමින් වෙන්වෙලා අපි අපෙන්
English Title
daiwaye saradamin
සම

Artist

සමිතා මුදුන්කොටුව

View all songs →

දෛවයේ සරදමින් වෙන්වෙලා අපි අපෙන් (daiwaye saradamin) | Tediya Lyrics