අම්මේ ඔබේ පුංචි පුතා තවමත් උතුරේ

amme obe punchi

Lyrics

අම්මේ ඔබේ පුංචි පුතා තවමත් උතුරේ සටන් බිමේ ඉදිරි පෙලේ අවසන් සටනේ රට රකින්න මට සවිබල දුන්නට අම්මේ නුඹ නිවනට යනවාමයි සැක නෑ අම්මේ සතුරන්ගේ වෙඩි හඬ ලඟ ලඟම ඇසෙනවා එතොකොට මගේ හිතේ හයිය තව වැඩිවෙනවා අම්මේ නුඹ පෙව් කිරිවල සවිය දැනෙනවා වෙඩි පිට වෙඩි ආවත් ඉදිරියටම යනවා අම්මේ ඔබේ.... මේ සටනේදි මා මැරුනත් හඩන්නට එපා රණවිරුවෙකු බිහි කළ විරු මවක් ඔබ සදා අම්මේ නුඹ බලන්න මම ලඟිදිම එනවා මෙදා සැරේ යුද්ධය අපි නිමා කරනාවා අම්මේ ඔබේ....

Song Details

Sinhala Title
අම්මේ ඔබේ පුංචි පුතා තවමත් උතුරේ
English Title
amme obe punchi
රප

Artist

රොෂාන් ප්‍රනාන්දු

View all songs →