සිහින සිත්තරාවි ඇස් බිම බලා සිනාසී

sihina siththarawi

Lyrics

සිහින සිත්තරාවි ඇස් බිම බලා සිනාසී සබකෝලකම් කරාවි හිත ආදරෙන් පිරේවී මට නුහුරු ඉඟි කරාවි උන්මාදකම් ගෙනේවී රතු කම්මුලක් ශ්‍රීයාවි සිපගන්නමයි හිතේවී මද සිහිලසක් වගේ මා නිවාලමින් සැනසුමක් ගෙනේවී මුළු ජීවිතේ පුරා අරමුණක් තියා හීනයක් තනාවී මුදු සීත නිල් දියට තඹර මල වගේ ලෙන්ගතුයි කියාවී ඔබ දීපු ආදරේ මහ මෙරක් තරම් මගෙ හිතේ දරාවී ආදරේ දැනේවී සඳ පාන පීරමින් පිපෙන කුමුදු මල් නුඹ වෙතයි සුගන්ධි තරු අහුරු අම්බරේ මවන රූ රටා නුඹ නිසයි සිනාසී දුර දුවපු හිත අරං ලඟට ලං කරන් ආදරෙන් තවාවී මට නුඹ තරම් තවත් නෑ සිතුම් පෙලක් හදවතේ ගැහේවී අාදරේ දැනේවී

Song Details

Sinhala Title
සිහින සිත්තරාවි ඇස් බිම බලා සිනාසී
English Title
sihina siththarawi
රප

Artist

රොෂාන් ප්‍රනාන්දු

View all songs →

සිහින සිත්තරාවි ඇස් බිම බලා සිනාසී (sihina siththarawi) | Tediya Lyrics