දෑස පියාගත් කල මට

dasa piyagath kala

Lyrics

දෑස පියාගත් කල මට මැවෙන්නෙ ඔබෙ රුව ඈත කදුකරෙන් එන නල ගෙනෙන්නෙ ඔබෙ හඩ කුමාරියේ අමතක නොවේ ලස්සන රුවේ සිත සැනසුවේ අතින් අත වෙලී වෙරළේ තනිවුනු මොහොතේ ඈත නිම් වලල්ලේ නෙත් රැදවුනු මොහොතේ සිත කැළඹුනේ ඇයි නොම දැනේ කී දෙයක්ද අරුමයක් ද මට සිතාගන්න නොදී රළින් රළ හැපී පෙනකැටි විසිරෙනු දැකලා නිම් නොවූ සිතේ සතුටින් හසරැල් පිපිලා මතකය මගේ අවදි වුනේ ඒ එදා‍ය මේ මෙදාය මට සිතාගන්න නොදී

Song Details

Sinhala Title
දෑස පියාගත් කල මට
English Title
dasa piyagath kala
කව

Artist

ක්ලැරන්ස් විජේවර්ධන

View all songs →