ආරොන් මාමා වයසක මිනිහෙක්

aron mama

Lyrics

ආරොන් මාමා වයසක මිනිහෙක් ඉපදුණ අපෙ ගම්මානේ මිනිහගෙ ජොබ් එක කේලම් කීමයි තැන තැන කඩපිල් ගානේ නිතරම හීනෙන් බයවෙල වාගෙයි ලේ කඳුලක් නෑ මූණේ දවසක් දා කළ වැඩක් කියන්නම් අහගෙන ඉන්නම ඕනේ රටේ තොටේ වග තොරතුරු හොය හොය දවසක් ගම වට ඇදුණා සාතන් අප්පුගෙ ගේ ළඟදී පොඩි කලබලයක හඬ ඇසුණා මිනිහ දඬු පඬු ගහලා බිත්තිය අයිනට දුව පැන්නා ජර මර සද්දෙට කණ දීගෙන උන්නා ගහපිය මරපිය ඔළුවට කොටපිය පාළි සංස්කෘත කිව්වා සාතන් අප්පුගෙ කොළුවා දුව පැන යකඩ පොල්ලකුත් හෙව්වා කිසි සැකයක් දැන් නැහැනේ මිනිහෙක් මැරුවා වාගෙයිනේ මුළු ගමටම අණබෙර ගහමින් දිව්වා සාතන් අප්පූ මිනිහෙක් මැරුවා ආරොන් ඩොලාට කිව්වා ඩොලා ජෙමාලට ජෙමාල ජොසීට ජොසීල ඇගීට කිව්වා ගමම කුලප්පුව දිව්වා සාතන් අප්පුව හැම හෙව්වා කඩු පොලු අරගෙන ගෙය වැටලූවා කාවද මැරුවේ කියපිය කියලා සාතව අල්ලල ඇහුවා මිනිහා හිනැහී මරාපු පොළඟෙක් ගෙයි මැද සාලෙන් තිව්වා ඔළුවට ගැහුවේ මූගේ මූ හිටියේ ඇඳ යට මාගේ ගැහි ගැහි කුකුළෙක් වාගේ ආරොන් පැනලා දිව්වා

Song Details

Sinhala Title
ආරොන් මාමා වයසක මිනිහෙක්
English Title
aron mama
පස

Artist

ප්‍රෙඩී සිල්වා

View all songs →