අදින් පසුව නෑ අප හමුවන්නේ

adin pasuwa ne apa

Lyrics

අදින් පසුව නෑ අප හමුවන්නේ මේ අවසන් දිනයයි... සසර පුරා අප අත්වැල් බැඳ ආ ගමන මෙයින් නිමවෙයි...// වරද මගේදැයි - වරද ඔබේදැයි නොඅසමි ඔබගෙන් මතු දවසේ...// එකම මඟක යන දෙදෙනෙකු වෙමු අපි නන්නාඳුණනා අය විලසේ.. අදින් පසුව නෑ... කියන්න කිසිවක් ඉතිරිව නෑ මට සියල්ල නිමවන මේ මොහොතේ...// පිසින්න අවසර දෙන්න ලඳේ මට අවසන් කඳුලක් ඔය දෙනෙතේ.. අදින් පසුව නෑ...

Song Details

Sinhala Title
අදින් පසුව නෑ අප හමුවන්නේ
English Title
adin pasuwa ne apa
පස

Artist

පුන්සිරි සොයිසා

View all songs →