කැකිරි පැලෙන ටිකිරි සිනාවයි

kakiri pelena

Lyrics

කැකිරි පැලෙන ටිකිරි සිනාවයි ඇගේ ගමන බිමන නාරි ලතාවයි කිංකිණි කිංකිණි කිංකිණි කිංකිණි කිංකිණි කතාවයි ආදරෙන් බලන්න හිතෙනවා ආදරෙයි කියන්න හිතෙනවා කෝප වෙයි නොවෙයිද සිතෙනවා ඈ මා ළඟින්ම පාද තබනවා වාසනාව මෑත පෙනෙනවා රහසකින් රසින් ඇසෙනවා ආසාවෙන් දෑස වැහෙනවා රෝස මල් ලොවක් මැවෙනවා ඈ මා ළඟින් මා ළඟින් පාද තබනවා රන් තොරන් බඳින්න ඕනද පාවඩ එලන්න ඕනද හේවිසි වයන්න ඕනද ඔය දෙපා තබන්නේ එහෙමද මල් සරාට වැරදිලා වගේ මට පෙනෙන්නෙ වැරදිලා වගේ රුව තරම් සිත නොවෙයි ඇගේ ආදරේ එපා කියයි මගේ ඈ මා ළඟින් මා ළඟින් පාද තබනවා

Song Details

Sinhala Title
කැකිරි පැලෙන ටිකිරි සිනාවයි
English Title
kakiri pelena
එඑ

Artist

එම්. එස්. ප්‍රනාන්දු

View all songs →