උදම් රළ ඔබ උදම් විය යුතු නෑ

udam rala oba

Lyrics

උදම් රළ ඔබ උදම් විය යුතු නෑ ගෙන ගියේ ඔබ මුහුදු පතුලට රැගෙන යා යුතු උන් නොවේ උදම් රළ ඔබ උදම් විය යුතු නෑ පණ අදිද්දී තමන්ගේ උන් පැළැඳි කණකර ඉරාගෙන ගිය හරන්තිකයන් ඉතිරි කර වෙරළේ අහිංසකයන් ගෙන ගියා වතුරේ උදම් රළ ඔබ උදම් විය යුතු නෑ වැළපෙනා බෝසතුන් දන් දුන් නිදන පැදුරත් සොරාගෙන ගිය අමනයන් රැළ තබා අප අතරේ අහිංසකයන් ගෙන ගියා වතුරේ උදම් රළ ඔබ උදම් විය යුතු නෑ

Song Details

Sinhala Title
උදම් රළ ඔබ උදම් විය යුතු නෑ
English Title
udam rala oba
අප

Artist

අමරසිරි පීරිස්

View all songs →

උදම් රළ ඔබ උදම් විය යුතු නෑ (udam rala oba) | Tediya Lyrics