Lyrics
වරදක් කළත් සිතකින් නොවේ
රිදවන්නෙ පළිගන්නෙ ඇයි
ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත්
මට මාගෙ ඇස්දෙක වගෙයි //
ඔබෙ ගිනි නිවා ඇගෙ හිත දවා
අප එක්වෙලා කුමටදෝ...//
වෙනසක් නොවී මගෙ හිස් අතින්
පිසලන්නෙ කොයි කඳුළ දෝ....
වරදක් කළත්......
අසරණ ඔබයි තනිවුණු ඇයයි
මට ශාප කර යාවිදෝ...//
ඔබෙ ලෝකයෙන් ඇගෙ ලෝකයෙන්
සමුගන්න සිදුවේවි දෝ...
වරදක් කළත්......
Song Details
- Sinhala Title
- වරදක් කළත් සිතකින් නොවේ
- English Title
- waradak kalath sithakin nowe
- Artist
- සනත් නන්දසිරි
සන
Artist
සනත් නන්දසිරි
View all songs →