කදුපාමුල සිට දැහැනට

kadu pamula sita

Lyrics

කදුපාමුල සිට දැහැනට සම වැද මා ගයනා ගී ඔබට ඇසෙනවද... කදු මුදුනේ සිට දිවැස් හෙලනු මැන ආල වඩන සඳ කිඳුරු ලියේ මිටියාවත් කදු ශිඛර සිසාරා සඳ බැස යන තුරු ‍අවර වනපෙතේ ඔබ කී රහසින් මා සැළුනේ නැත ඔබ අන්සතු බව මම දැන සිටියේ... ඇල දොල ගංගා සයුර සිසාරා ඉර නැග එන විට පෙරඹර අහසේ ඔය නෙතු කැල්මෙන් මා සැළුනේ නැත ඔබ අන්සතු බව මම දැන සිටියේ කදුපාමුල සිට...//

Song Details

Sinhala Title
කදුපාමුල සිට දැහැනට
English Title
kadu pamula sita
ආල

Artist

ආත්මා ලියනගේ

View all songs →