මල් මුතුලැල් නිල් තුරුවැල් සකුණ විජිතයේ

mal muthulal nil thuruwel

Lyrics

මල් මුතුලැල් නිල් තුරුවැල් සකුණ විජිතයේ.. මා සඟවා තබයි ඔබේ රාජධානියේ.. ඇල් ගඟුලැල් නිල් දියරැල් සිහින නිම්නයේ... මා සිතගාවමයි ඔබේ තාරකාවියේ... හෝ...හෝ...හෝ...හෝ... ම්..ම්...ම්...ම්.... නිල් නුගවිල් පුන් සඳ රැල් විසිරෙනා වෙලේ.. මේ හසකැන් මේ දෙණුවන් තාරකා දිලේ.. රන් රසුදැල් මල් හසරැල් සැසලෙනා හදේ.. මේ නිකැලැල් ජීවන මල් මාලතී පිපේ.. ජීවිතයෙන් ජීවිතේ වාසනා රැදේ... මල් මුතුලැල්... ගුම් විහඟුන් පෙම් පබැදුම් මුමුණනා උදේ.. මාරුතයෙන් චාමරවන් ගායනා රැදේ.. රන් සිහිනෙන් ගිම්නිමවින් සැතපෙනා දිනේ.. නෑ ලතැවුල් සෝ කඳුලැල් මා ඔබේ ලොවේ.. ජීවිතයෙන් ජීවිතේ වාසනා රැදේ.. මල් මුතුලැල්...

Song Details

Sinhala Title
මල් මුතුලැල් නිල් තුරුවැල් සකුණ විජිතයේ
English Title
mal muthulal nil thuruwel
උර

Artist

උරේශා රවිහාරි

View all songs →

මල් මුතුලැල් නිල් තුරුවැල් සකුණ විජිතයේ (mal muthulal nil thuruwel) | Tediya Lyrics