රෑ මැදියම මත් වූ තොටියෝ

re madiyama

Lyrics

රෑ මැදියම මත් වූ තොටියෝ ඔරු පදින්න මා කැඳවන නුඹ විතරක් එතෙරට යන රෑ මැදියම මත් වූ තොටියෝ මාස් වැස්ස ඉවර වෙලා අලුත් වතුර ගලන ගඟේ මල් නෙළුවා මතකද තොටියෝ ඔරුව පෙරළුනත් ගඟ මැද මාව අරන් නුඹෙ තුරුලට එතෙර කරා මතකයි තොටියෝ රුවල් නගා යන නැව් දැක සසල වෙලා බැලුවත් නුඹ නැව් නගින්න හිත නෑ තොටියෝ නුඹෙ ඔරුවෙන් යළි දවසක කුමුදු පිපුණ හඳ එළියක එතෙර වෙන්න ආසයි තොටියෝ

Song Details

Sinhala Title
රෑ මැදියම මත් වූ තොටියෝ
English Title
re madiyama
ඉඋ

Artist

ඉන්දිකා උපමාලි

View all songs →

රෑ මැදියම මත් වූ තොටියෝ (re madiyama) | Tediya Lyrics