රත්තරන් නෙත් දෙකින්

raththaran neth dekin

Lyrics

රත්තරන් නෙත් දෙකින්.. සලා සිහිල් පවන්.. ජීවිතේ ලසෝ තැවුල්.. නිවන්න රත්තරන්... තාරකා සිනා දැලේ රන් කැළුම් දිගේ.. ආදරේ ගලා හැලේ සිහිනයක් වගේ.. පාළුවේ වෙලී හඬා වැටෙද්දි ජීවිතේ.. මා දිහා ලඟාව ඉන්න රත්තරන් මගේ.. රත්තරන් නෙත් දෙකින්.. මාරුතේ හමා වනේ මල් උයන් දිගේ.. පාවෙනා වලාකුලේ සිසිලසක් වගේ.. වේදනා නිවී ඔබේ සුනීල නෙත් විලේ.. ජීවිතේ සිනා නඟාවී සෙනෙහසින් හදේ.. රත්තරන් නෙත් දෙකින්...

Song Details

Sinhala Title
රත්තරන් නෙත් දෙකින්
English Title
raththaran neth dekin
ටඑ

Artist

ටී. එම්. ජයරත්න

View all songs →