මගෙ කදුලින් නිමා වු

mage kadulin nima wu

Lyrics

මගෙ කදුලින් නිමා වු මාවතේ මාවතේ ඔහු සමගින් ඔබ මන්දහාසින් යන ගමනේ මගේ යුග නෙතු ඔබට හිරු සදු වේවා වාසනාවන් අහිමි පෙම්වතියේ නිමල පෙම් චේතනාවෙන් - නිහඩ වු වේදනාවෙන් අහින්සක මා හෙලන සුසුම් ඔබට පවනක් වේවා පාලු කුටියේ මා පරජිත වී නිදා නොනිදා ඉදින රෑ සිහිනයෙන් හෝ පෙනේවා ඔබේ සෙනෙහේ නිවුනු පහන් නොනිමි පහනක් වීලා.

Song Details

Sinhala Title
මගෙ කදුලින් නිමා වු
English Title
mage kadulin nima wu
එජ

Artist

එඩ්වඩ් ජයකොඩි

View all songs →