රන් කෙන්දෙන් බැඳ

ran kenden benda

Lyrics

රන් කෙන්දෙන් බැඳ අතැඟිලි එක්කල ආදරයයි පෙම් රැහැනින් බැඳ සිතුම් වසඟ කල ආදරයයි කිරිලියසේ දුර පියා සලාලා අත්තටු රිඳුනා පමණයි දෑල විදාහල දෑත මගේ ඔබටත් ඔහුටත් උරුමයි හිරු සඳු එකවර දෙපස නැගේ කළුවර ඇයි විජිතයම මගේ කනාටු සුළඟේ දුහුල් මලකි අද වල්මත් වී පාවෙන්නේ ඔබගෙන් දෝ ඔහුගෙන් දෝ මා හෙට දින සමුගන්නේ

Song Details

Sinhala Title
රන් කෙන්දෙන් බැඳ
English Title
ran kenden benda
නම

Artist

නන්දා මාලිනී

View all songs →