ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා

gamata kalin hiru

Lyrics

ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුනා ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා කලා වැවේ නිල් දියවර අපෙ අම්මා රෑ කළුවර අරගෙන දරුවන් එනතුරු සිත නෑ නිවන් දකින්නේ රෑ කළුවර ඇවිදින් ඉකිබිඳ හැඬුවත් සිත නෑ නිදි විඳ ගන්නේ හෙට අරුණට සැරසෙන තව දවසක් ගැන නින්දේ හීන දකින්නේ මහ මායාවනි කවදාදෝ ඔය නෙත් දරු සෙනෙහසින් මිදෙන්නේ වෙල් දෙණිවල ඇවිදින දෙපා රිදෙන විට විහඟ ගීත බණ පද වේවා බෝ මළුවට ඇවිලෙන පහන් වැටක් වී තුන් සිත නිවී සැදේවා මතු උපදින සසරේ විශාකාව වී මෙත් මග නෙත් හමුවේවා ඇත් රැජිණියනේ ඔබෙ නැලවිලි ගීතය ලොවම නිවන කවියක් වේවා

Song Details

Sinhala Title
ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා
English Title
gamata kalin hiru
කද

Artist

කරුණාරත්න දිවුල්ගනේ

View all songs →

ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා (gamata kalin hiru) | Tediya Lyrics