Lyrics
තනිවී සිටින්නයි මා අදහස් කලේ
ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ
පහදා කිවූවත් නැ සවන් යොමුකලේ
වේදනා පිරීලොවක් ඔබයි බිහිකලේ
මගෙ පාළු ලෝකයේ තනිවු මෙමා
සක්විති රජුන් හමුවේ නැත හිස නවා
සිතුවිලි මගේ හසුරා ගත හැක නමා
මට දුක හිතෙන්නේ ඔබ ගැන තමා
ඇගෙ චේතනාවන් මා සිත දනී
අවට ලෝකයේ බැලුම් විසකටු වැනී
ඒ කටු අපේ දෙහදේ ගැඹුරේ ඇනී
ගලන දුක් වේදනා රුධිරය වැනී
Song Details
- Sinhala Title
- තනිවී සිටින්නයි මා අදහස් කලේ
- English Title
- thaniwi sitinnai ma
- Artist
- මිල්ටන් මල්ලවාරච්චි
මම
Artist
මිල්ටන් මල්ලවාරච්චි
View all songs →