සුවද දෙන මල් වනේ

suwada dena mal wane

Lyrics

සුවද දෙන මල් වනේ බිගුන් බැදීලා කඳුළු බිදු නිල් නුවන් පුරා රැදීලා ඔබේ ලැමදේ සෙනේ මැදුරේ සුසුම් නැගිලා සුවද දෙන මල් වනේ බිගුන් බැදීලා කඳුළු බිදු නිල් නුවන් පුරා රැදීලා මේ නුරා සැදෑ කලේ සෝ සුසුම් හෙලා ඈත තරකා දිහා නිල් නුවන් යොමා ඒ ඔබේ සුපෙම්වතා එවීදෝ බලා නෑ පලේ තැවී හඬා වේදනා දරා වේදනා දරා... සුවද දෙන මල් වනේ... මේ ලොවේ දිනු අපේ ජීවිතේ කෙටී කාලයේ රහස් වසා ජීවිතේ ගලයි මේ කුළුත් පියා සලා කුලින් කුලේ රැදෙයි ආදරේ අමා හැගුම් මා සිතේ නැගෙයි මා සිතේ නැගෙයි... සුවද දෙන මල් වනේ....

Song Details

Sinhala Title
සුවද දෙන මල් වනේ
English Title
suwada dena mal wane
රග

Artist

රූකාන්ත ගුණතිලක

View all songs →