වැසි දිය මහ බිම තෙමුවට

wasi diya maha

Lyrics

වැසි දිය මහ බිම තෙමුවට බිම තෙමන්නෙ වැහි විතර ද රෑ අහසේ තරු තිබුණට තරු තියෙන්නෙ රෑ විතර ද විහඟුන් පෙම් ගී ගැයුවට ගී කියන්නෙ උන් විතර ද මට නුඹ විතරක් උනාට නුඹට ඉන්නෙ මං විතර ද රෝස පතක කවි ලීවේ සුවඳ දිදී තියාගන්න මේ විදිහට ගී ගැයුවේ ඉන්න තැනකදී ඇහෙන්න // රෑ අහසේ තරු තිබුණට තරු තියෙන්නෙ රෑ විතර ද මට නුඹ විතරක් උනාට නුඹට ඉන්නෙ මං විතර ද උස අත්තක මලක් උනේ ගව් ගණනක් උඩින් ඉන්න අවසානේ උරුම උනේ මල් පොකුරක එකක් වෙන්න // වැසි දිය මහ.......

Song Details

Sinhala Title
වැසි දිය මහ බිම තෙමුවට
English Title
wasi diya maha
දප

Artist

දීපිකා ප්‍රියදර්ශනී

View all songs →

වැසි දිය මහ බිම තෙමුවට (wasi diya maha) | Tediya Lyrics