පායා සීත රැයේ

paya seetha reye

Lyrics

පායා සීත රැයේ පාවී නිල් අඹරේ දිලෙනා තරුවේ තනි වූ තරුවේ ඈ නෑ මා සෙවණේ තනි තරුවේ ඔබ විලසින් තනි වී ඇත මා සසරේ // යළි මේ භවයේ නෑ හමුවන්නේ ඈ යළි නොඑනා ඔබේ ලොවේ පායා සීත රැයේ පාවී නිල් අඹරේ දිලෙනා තරුවේ තනි වූ තරුවේ ඈ නෑ මා සෙවණේ මද පවනේ රැඳි විලසින් හඬ තාම ඇසේ ඇයගේ // රෑ තනි යහනේ මේ දුක් සිහිනේ පමණද උරුමය ජීවිතයේ පායා සීත රැයේ පාවී නිල් අඹරේ දිලෙනා තරුවේ තනි වූ තරුවේ ඈ නෑ මා සෙවණේ

Song Details

Sinhala Title
පායා සීත රැයේ
English Title
paya seetha reye
වක

Artist

විජය කුමාරතුංග

View all songs →