Lyrics
අහස උසට නැග ගියාට
නැහැනේ අහසේ රැඳෙන්නේ
අහසේ මාලිගා තැනුවට
අපි පොළොවේ සිටින්නේ
ලඹ කැටයේ අත්වාරුව
බිත්ති දිගේ නගින්නේ
බිත්තිය ඉහලට යනකොට
අපි පොඩියට පෙනෙන්නේ
සිමෙන්ති කඳුලින් දියකර
සත් මහලයි තනන්නේ
පලංචියේ කිරි කිරියයි
අපේ දුකට හඩන්නේ
Song Details
- Sinhala Title
- අහස උසට නැග ගියාට
- English Title
- ahasa usta nega giyata
- Artist
- ගුණදාස කපුගේ
ගක
Artist
ගුණදාස කපුගේ
View all songs →