සුදු පරෙවි රෑන සේ පියා සලා

sudu parawi rena se

Lyrics

සුදු පරෙවි රෑන සේ පියා සලා පාසැල නිමවී යොවුන් කුමරියන් පෙළින් පෙළට එයි ඈ තාම නෑ - ඈ තාම නෑ පොත් පත් අහුරා මුදු ළැමට තුරුළු කරවා පිරුණු සඳක් සේ මහද දිලේ යහළු යෙහෙළියන් අතරේ ඈ තාම නෑ - ඈ තාම නෑ සුදු පරෙවි රෑන සේ පියා සලා පාසැල නිමවී යොවුන් කුමරියන් පෙළින් පෙළට එයි ඈ තාම නෑ - ඈ තාම නෑ මල් හිනා පිපී මුව මඬල පුරා රඳවා මුතු අහුරක් සේ දසන් සලා ඉර හඳ දහසක් පරදා ඈ තාම නෑ - ඈ තාම නෑ සුදු පරෙවි රෑන සේ පියා සලා පාසැල නිමවී යොවුන් කුමරියන් පෙළින් පෙළට එයි ඈ තාම නෑ - ඈ තාම නෑ ගායනය - ප්‍රියා සූරියසේන පද - සුනිල් ආර්. ගමගේ තනුව - සරත් ද අල්විස්

Song Details

Sinhala Title
සුදු පරෙවි රෑන සේ පියා සලා
English Title
sudu parawi rena se
පස

Artist

ප්‍රියා සූරියසේන

View all songs →

සුදු පරෙවි රෑන සේ පියා සලා (sudu parawi rena se) | Tediya Lyrics