Lyrics
සතර වටින් කළු කරගෙන වහින වෙලාවේ
මට මුවාවෙන්ට ගසකුත් නැති සැඳෑ වෙලාවේ
අතර මගක සිටි මා කුඩේ යටින් කැන්දා
ගෙදර ගිහින් ඇරලූ දා
මතකයි අද වාගේ
එදා ඉඳන් මග බැලුවා රුව දකින්න ඔබේ
දෑතේ වළලු රණ්ඩු උනා අඩි සද්දෙට ඉබේ //
දෙතොල නැගේ සිනහා නැවුම් පැතුම් සනහා
හදේ මැවෙයි සුපෙම් කල්පනා
සතර වටින් කළු කරගෙන වහින වෙලාවේ
මට මුවාවෙන්ට ගසකුත් නැති සැඳෑ වෙලාවේ
අතර මගක සිටි මා කුඩේ යටින් කැන්දා
ගෙදර ගිහින් ඇරලූ දා
මතකයි අද වාගේ
එදා මෙදා සිත සපුරා විඳ අනන්ත සුවේ
දෑත දෑත එකතු උනා ප්‍රාර්ථනා ලොවේ //
නැවුම් පැතුම් සරසා හිසේ කුසුම් වරුසා
ඔබේ සෙවන සදා වසනා
සතර වටින් කළු කරගෙන වහින වෙලාවේ
මට මුවාවෙන්ට ගසකුත් නැති සැඳෑ වෙලාවේ
අතර මගක සිටි මා කුඩේ යටින් කැන්දා
ගෙදර ගිහින් ඇරලූ දා
මතකයි අද වාගේ
Song Details
- Sinhala Title
- සතර වටින් කළු කරගෙන වහින වෙලාවේ
- English Title
- sathara watin
- Artist
- සුජාතා අත්තනායක
සඅ
Artist
සුජාතා අත්තනායක
View all songs →