Lyrics
ආත්ම ගණනක සිතුවිලි අතරේ
මා ඔබ සෙව්වා නැහැ දුටුවේ
අප දෙඅතක දෙදෙනෙකු වීලා
නෑ නොව කිසිදා මුසු වන්නේ
සදවත පායන රෑ කල අහසේ
කැළතී කැළති සිත් යහනේ
මහද ඇදෙන්නේ ඒ ඔබෙ රූපෙද
පාළුව තනිකම පටලාලා.....
මිනිසත්භාවය මා නොලදී නම්
පියඹා එනවා සුවද දිගේ.....
ඒ එන පාරේ විඩා නිවාලන
සීතල පවනද ඔබෙ ප්‍රේමේ....
Song Details
- Sinhala Title
- ආත්ම ගණනක සිතුවිලි අතරේ
- English Title
- athma gananaka sithuwili
- Artist
- ශ්‍රීමතී තිලකරත්න
ශත
Artist
ශ්‍රීමතී තිලකරත්න
View all songs →