සිතුල් පව්වෙ වෙහෙර ළඟට සඳක් පායලා

sithu pawwa wehera lagata

Lyrics

සිතුල් පව්වෙ වෙහෙර ළඟට සඳක් පායලා කුසල් වලින් හුඟක් අරන් යන්න පේ වෙලා විසල් පුරේ විශාඛාව ලෙසින් නෙතු සලා අවසර නෑ ඇස්දෙක ළඟ ඉන්න නැවතිලා අසල් වැසි ළඳක් වාගෙයි තෝරන බහනම් සුදු මුහුණයි හුරතලයයි හරි අවදානම් හිත ඇතුළෙන් දුරක් ගිහින් මගෙම වෙලා දැන් මම අමතක කරන්නෙ නෑ කොළඹ එනව නම් සිදාදියේ කිරිල්ලියන් තරඟ කරාවී මොණර පැටික්කියගෙ රුවට තරහ ගනීවි තව මොහොතින් විහාරයෙන් බස් එක යාවී දුරස් වෙන්න එපා මගෙන් රුහුණු කුමාරි

Song Details

Sinhala Title
සිතුල් පව්වෙ වෙහෙර ළඟට සඳක් පායලා
English Title
sithu pawwa wehera lagata
නඋ

Artist

නාමල් උඩුගම

View all songs →

සිතුල් පව්වෙ වෙහෙර ළඟට සඳක් පායලා (sithu pawwa wehera lagata) | Tediya Lyrics